විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් 10 දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙලෙස පත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ ධුරයන් පහත පරිදි වේ.
* දර්ශන එම්. පෙරේරා - මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
* ඩී.එම්.එස්.පී. දසනායක - ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
* දයානි මෙන්ඩිස් - ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
* එස්.පී.ඩබ්ලිව්. පතිරණ - රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති
* එන්.අයි.ඩී. පරණවිතාන - ඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
* එස්. කේ. චන්ද්‍රසිරි - ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති
* ධම්මික ප්‍රනාන්දු - කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
* අනුර විතානගේ - ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති
* මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි - ඉරානයේ ශ්‍රී ලංකා තානාපති
* එම්. ෆාරුක් එම්. ෆවුසර් - පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත
අදාළ නිවේදනය පහතින්.
