කබ්රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184 ගෙවා ඇද්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි

කබ්රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184 ගෙවා ඇද්දැයි අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි

ග්‍රීක බැඳුම්කර නඩුවේ එකඟතාව අනුව, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184 කට අධික මුදල ගෙවා ඇද්ද යන්න අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසා තිබෙනවා.

ඒ අනුව, එම මුදල ගෙවා නොමැති නම්, ඔහුට විරුද්ධව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට සිදු වූ රුපියල් කෝටි 184 කට අධික අලාභය වන්දි වශයෙන් ගෙවීම සඳහා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ලබා දී තිබූ තෙමසක කාලසීමාව පසුගිය 10 වැනිදා අවසන් වී තිබෙනවා.

Search