නාමල් රාජ­පක්ෂව­ මත්ද්‍රව්‍ය සම්බන්ධ වර­ද­කට ඈඳන්න තැතක් ගැන සාගර කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

නාමල් රාජ­පක්ෂව­ මත්ද්‍රව්‍ය සම්බන්ධ වර­ද­කට ඈඳන්න  තැතක් ගැන සාගර කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා මත්ද්‍රව්‍ය සම්බන්ධ වර­ද­කට ඈඳන්න හදන්නේ රජයේ පාර්ශ්ව­යක් විසින්ම ඔහුගේ ජීවි­ත­යට යම්කිසි හානි­යක් කර එය පාතාලේ අතර ප්‍රශ්න­යක් හැටි­යට අර්ථ දක්වන්න දරන උත්සා­හ­යක් ද කියන සාධා­රණ සැක­යක් තිබෙ­නවා.” යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.

” මෙය ඉතාම භයා­නක කුම­න්ත්‍ර­ණ­යක කොට­සක් විය හැකි බව මේ රටේ ජන­තා­වට කියා සිටි­නවා.” යැයිද ඔහු සඳහන් කළේය .

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

දැඩි තද­බ­ද­යක් පැවති කොවිඩ් කාල­සී­මා­වේදී හෝ එකදු රතු ලේබල් සහිත කන්ටේ­න­ර­යක් වත් පරීක්ෂා කිරී­ම­කින් තොරව රේගු­වෙන් නිද­හස් කර නැතැයිද ඒ මහතා පැවසීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සාගර කාරියවසම් මහතා මෙසේද පැවසීය .

“මේ රටේ ඉති­හා­සයේ දරු­ණුම, භයා­නක චෝද­නාව ලෙස කිසිදු පරී­ක්ෂා­ව­කින් තොරව රතු ලේබල් සහිත කන්ටේ­නර් 323ක් නිද­හස් කළා. වරායේ රේගුවේ ඉතාම දැඩි තද­බ­දය තිබූ කාල­සී­මාව තමයි කොවිඩ් කාල­සී­මාව. ඒ කාල­සී­මා­වෙ­වත් එක රතු ලේබල් සහිත කන්ටේ­න­ර­ය­ක්වත් පරීක්ෂා කිරී­ම­කින් තොරව නිද­හස් කිරී­මක් රේගුව විසින් සිදු කර නෑ.

ලංකා ඉති­හා­සයේ ප්‍රථම වතා­වට රේගුවේ බොරු තද­බ­ද­යක් මවලා කියලා දැන් කතාව තිබෙන්නේ. එවැනි තද­බ­ද­යක් ඉන්පසු තිබු­ණෙත් නෑ. ඊට කලින් තිබු­ණෙත් නෑ. රේගු නිල­ධාරි සංග­මය ප්‍රකාශ කරන්නේ කිසි­සේත්ම නිද­හස් නොකළ යුතුව තිබූ රතු ලේබල් සහිත බහා­ලුම් 323ක් නිද­හස් කළ බවයි. ඒ විත­රක් නොවේ, 323ට අම­ත­රව ඒ ආසන්න කාල­සී­මාවේ තවත් මෙවැ­නිම වූ ආකා­රයේ රතු ලේබල් සහිත කන්ටේ­නර් විශාල ප්‍රමා­ණ­යක් නිද­හස් වී ඇති බව කිය­නවා.

අර්චුනා මන්ත්‍රී­තුමා පාර්ලි­මේ­න්තුවේ ප්‍රකාශ කර සිටියා, මේ කන්ටේ­න­ර්වල ප්‍රභා­ක­රන්ට ලංකා­වට ගෙන ඒමට නොහැකි වූ අවි ආයුධ තිබුණා කියලා. ඊට අම­ත­රව මත්ද්‍රව්‍ය, තහ­නම් ද්‍රව්‍ය සහ මුදල් මේ කන්ටේ­න­ර්වල තිබුණා කියලා විවිධ සැක සංකා මතු වුණා. අපි මේ සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් කර තිබෙ­නවා. නමුත් අද වන­තුරු එයට පිළි­තු­රක් නෑ.

නමුත් මේ ඊයේ පෙරේදා අයිස් මත්ද්‍රව්‍ය නිප­ද­වන්න අමු­ද්‍රව්‍ය ගෙනාවා කියන කන්ටේ­න­ර­යක් සම්බ­න්ධ­යෙන් පොලී­සිය ඉතා ඉක්ම­නින් මැදි­හත් වී ප්‍රකාශ කර සිටි­නවා, මේ කන්ටේ­න­රය අර කන්ටේ­නර් 323ට අයත් නොවන බව. ඒ සම්බ­න්ධ­යෙන් ඔවුන් ඉතා හොඳින් දැනු­ම්වත්. නමුත් ඒ තොර­තුරු රටට හෙළි නොකර සඟවා සිටින්නේ ඇයිද කියන කාර­ණය සම්බ­න්ධ­යෙ­නුත් ඉතාම දැඩි ප්‍රශ්න­යක් උද්ගත වී තිබෙ­නවා.

Search