"අයිස් " ඇති තවත් සැක සහිත කන්ටේනරයක් කොළඹ වරායේ…

"අයිස් " ඇති තවත් සැක සහිත කන්ටේනරයක් කොළඹ වරායේ…

මිද්දෙ­ණි­යේදී සොයා­ගත් කන්ටේ­නර් දෙකට සම්බ­න්ධ­කම් ඇතැයි පැව­සෙන අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට යොදා ගන්නා රසා­ය­නික ද්‍රව්‍ය ඇතැයි සැක කරන කන්ටේ­න­ර­යක් ඉදිරි දින කිහි­පය තුළ පරීක්ෂා කිරී­මට නිය­මි­තව ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කරයි.

එම කන්ටේ­න­රය මෙතෙක් කොළඹ වරාය භාර­යෙන් නිද­හස් කර නැති බවත් ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා වන විට එම කන්ටේ­න­රය සම්බ­න්ධ­යෙන් සියලු ආර­ක්ෂක පිය­වර ගෙන ඇති බවත් පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මිද්දෙ­ණි­යෙන් සොයා­ගත් කන්ටේ­නර් දෙක සම්බ­න්ධ­යෙන් පොලි­ස්ප­ති­ව­ර­යාට ඉකුත් අගෝස්තු මාස­යේදී තොර­තුරු ලබා­දුන් පොලිස් නිල­ධා­රි­යාම මෙම කන්ටේ­න­රය ගැනද තොර­තුරු ලබා දී ඇති බව සඳ­හන්ය.

එම කන්ටේ­න­රය මෙතෙක් පරී­ක්ෂා­ව­කට ලක්කර නැති බව පොලිස් දිනය පැවැති දා පොලි­ස්ප­ති­ව­රයා දැනු­ම්වත් කිරී­මට අදාළ නිල­ධා­රි­යාගේ පාර්ශ්ව­යෙන් කට­යුතු කර ඇති බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

අදාළ නිල­ධා­රියා විසින් සිය ඉහළ නිල­ධා­රීන් මඟින් යොමු­කර තිබූ එම තොර­තුර විම­ර්ශ­නය කිරී­මට පොලි­ස්ප­ති­ව­රයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට යොමු­කර තිබී ඇති බව ද සඳ­හන්ය.

ඒ ගැන පොලි­ස්ප­ති­ව­රයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ ඉහළ නිල­ධා­රි­ය­කු­ගෙන් විම­සන තුරුම අදාළ කන්ටේ­න­රය සම්බ­න්ධ­යෙන් නිසි ක්‍රියා­මාර්ග ගෙන නැති බව අනා­ව­ර­ණය වී තිබේ

Search