නාදුනන තුවක්කුකරුවන් දිනපතා සිදුකරන වෙඩි තැබීම්වල අද ( 09 ) දිනයේ අම්බලන්ගොඩ – වතුගෙදර, හීනටිය පාර ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
බලපිටිය අධිකරණයේ විභාග වූ නඩු කටයුත්තකට සහභාගි වී කුලී ත්රීරෝද රථයකින් නිවස බලා යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
19 පහල ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක ධම්මික නිරෝෂන් ගේ ඝාතනයේ ප්රධාන සැකකරුවකු වන පැට්ටා නැමැත්තා වෙඩි ප්රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි..
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.