කුඩු-අයිස් අමුද්‍රව්‍ය වරායෙන් පිටවුණේ කොහොමද?’- සජිත් ප්‍රශ්න කරයි

කුඩු-අයිස් අමුද්‍රව්‍ය වරායෙන් පිටවුණේ කොහොමද?’- සජිත් ප්‍රශ්න කරයි

එම තොරතුරු ලැබුණු දිනයත් එම තොරතුරු සම්බන්ධයෙන් පරික්ෂණ කළ අය මෙන් ම එම පරීක්ෂණ පැවැත්වූ කාලවකවානුවත් මෙම පරීක්ෂණවලින් පසුවත් මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක නිදහස් වුවාද කියා දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක පැවසීය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පවසා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංසදය සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (සැප්. 8) පැවති සාකච්ඡාවේදීය.

කුඩු, අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත් මේ කරුණත් සමග ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරවු වන බැවින් මෙහි සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවැසීය.

මෙහි බරපතළ ගැටලුව වන්නේ මේ කන්ටේනර් 2 වරායෙන් එළියට ආවේ කෙසේද යන්න බව විපක්ෂ නායක පැවැසීය.

මෙම කන්ටේනර් නිදහස් කළා නම් ඒ නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වූ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ සත්‍ය හෙළිදරවු කළ යුතු බවත් එය රජයේ වගකීම බවත් විපක්ෂ නායක පැවසීය

Search