රනිල්ගේ නඩුව අද කැදවයි.. කොළඹට විශාල ජනකායක්..කොළඹ පුරා කැරලි මර්ධන ඒකක.. මාර්ග බාධක.. පාරවල් වහයි..

රනිල්ගේ නඩුව අද කැදවයි.. කොළඹට විශාල ජනකායක්..කොළඹ පුරා කැරලි මර්ධන ඒකක.. මාර්ග බාධක.. පාරවල් වහයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ගොනු කර ඇති නීිති කෘත්‍ය අද (අගෝස්තු 26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව ඇත.

පසුගිය සිකුරාදා (අගෝස්තු 23) දින අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

කෙසේ වෙතත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

වෛද්‍ය නිර්දේශ අනුව, ඔහු අවම වශයෙන් දින තුනක් ඇඳ විවේක ගත යුතු බව වාර්තා වේ.

නඩු විභාගය පැවැත්වෙන අද දිනයේදී කොළඹට පැමිණිය හැකි විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇත.

කැරලි මර්දන ඒකක ඇතුළු ආරක්ෂක අංශ මේ සඳහා යොදවා තිබේ.

කොළඹ නගරයේ ඇතැම් මාර්ග වසා දමා ඇති අතර, විවිධ ස්ථානවල මාර්ග බාධක ස්ථාපිත කර තිබේ.

විශේෂයෙන්ම, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා ඇත

Search