තර්ජන ගර්ජන මර්දන හරහා විපක්ෂය විනාශ කරන්න ආණ්ඩුව හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තර්ජන ගර්ජන මර්දන හරහා විපක්ෂය විනාශ කරන්න ආණ්ඩුව හදනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තර්ජන ගර්ජන මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක බවත් මේ තර්ජන ගර්ජන මර්දනයට බිය නොවන බවත් ඕනෑම අභියෝගයකට මුහුණ දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදය දඩයම් කරන්න දරන මේ කූඨ උත්සාහයන් පරාජය කිරීමට ජනතාව සමග එකට එකතු වී ශක්තිමත් නායකත්වය හා මගපෙන්වීම ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.*

පුරවැසියන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, කතා කිරීමේ නිදහස, මතයක් දැරීමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස ඇති බවත් මේ තර්ජනකාරී ක්‍රියාදාමයට සැලෙන්නේ නැතිව රට වෙනුවෙන් සුබ සිද්ධිය උදෙසා පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ සඳහා ලබා දිය හැකි උපරිම රැකවරණය, උපරිම ශක්තිය ලබා දෙන බවත් මහජන අයිතිය මූලික අයිතිය සුරක්ෂා කරන්න විපක්ෂය උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජනතාව මර්දනයට තර්ජනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසා පෙළ ගැසෙන බවත් ඒ සඳහා ලබා දිය යුතු නායකත්වය ලබා දෙන බවත් නීතියට ගරු කරමින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ආරක්ෂා කරමින් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් රජය උත්සාහ කරන තර්ජන ගර්ජන ක්‍රියාවලිය තුළ තමන්ගේ විරුද්ධවාදීන් දඩයම් කිරීමේ ක්‍රියාවලියට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තවද ආණ්ඩු යනවද එනවද කියලා තීන්දු කරන්නේ රටේ ජනතාව බවත් මේ යන ආකාරයට නම් රටේ රාජ්‍ය පාලනය ජනතාවට අහිතකර සෘණාත්මක රාජ්‍ය පාලනයක් බවත් විරැකියාව වැඩි වී උද්ධමනය වැඩි වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් දෙස බලා ජනතාව විදින දුක් ගැහැට මැද විපක්ෂයක් ලෙස වුවත් ආණ්ඩුව ගැන සතුටු විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

https://youtu.be/ObSwTE8T4gs?si=swPzqs2BPqpnrzZj

Search