අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද ( 26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිත නමුත් ඒ සඳහා ඒ මහතා අධිකරණය වෙත රැගෙන යාමට නොහැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසීය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් දැඩි සත්කාර ඒකකයෙන් පිටතට රැගෙන නොයන ලෙස නිර්දේශ කර ඇති බැවින්, හිටපු ජනාධිපතිවරයාව සූම් තාක්ෂණය ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා වල සඳහන් ආකාරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් 300ක පමණ නීතීඥවරුන් පිරිසක් අධිකරණය හමුවේ පෙනීසිටීමට සූදානමින් සිටින අතර, විපක්ෂයේ පක්ෂ නායකයන්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පාර්ශ්ව ගණනාවක් ද නඩු විභාගය අවස්ථාවට එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.
දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ සහ පොදු දේපළ පනත යටතේ වන චෝදනා යටතේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත්තේ පසුගිය 22 වන දාය.
කෙසේවෙතත් එම අත්අඩංගුවටගත් ආකාරයට සම්බන්ධව මේ වන විට සමාජයේ බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබේ.