අද දින කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් සජබය හා එජාපය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, තලතා අතුකෝරාල සහ සාගල රත්නායක මහතා ඇතුලුව කොළඹ නගර සභාවට පක්ෂ දෙකෙන්ම තේරී පත්වූ මන්ත්‍රීවරු එක්ව සිටියහ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡා සාර්ථක බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියහ