පෙට්‍රල් බෝම්බ පිටුපස ඉන්නේ කවුද ? ජවිපෙන් CIDයට පැමිණිලි (VIDEO)

ජනතා නැගිටීම් බෝම්බ ප්‍රහාරයන් දක්වා වර්ධනය වීමේ සැලසුම් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඒවා මෙහෙයවන බවටටත් ප්‍රකාශ කෙරෙන, සමාජ

මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව ආණ්ඩුවේ ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ යම් කෙනෙක් පක්ෂයේ සාමාජිකයන්ට පෙට්‍රල් බෝම්බයක් සකස් කරන ආකාරය පිළිබඳව උපදෙස් දීමක් දැක්වෙන එම වීඩියෝව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළ බවයි නීතිඥ සුනිල් වටගල මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

 

Search