රාජපක්ෂවරුන්ගෙන් රට මුදවා ගැනීම සඳහා සිදු කරන අවසන් සටන හෙට එනම්, ජූලි 9 වැනිදා සිදු විය යුතු බවත්, ඊට සියලු පක්ෂ එකට එක්විය යුතු බවත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
ඇය මේ බව කියා සිටියේ ඊයේ (7) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"මේ කරන සටන මම හැමදාම කියනවා වගේ සිදු කරන අවසන් සටන. රට රාජපක්ෂවරුන්ගෙන් මුදවා ගැනීමේ අවසන් දිනය ලෙස එය සනිටුහන් වෙයි. එදාට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා පාරට බහින්න ඔ්නී. මගේ පෞද්ගලික මතය නම් රටේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා සජබ, ජේවීපී, ටී.එන්.ඒ, පෙරටුගාමී යන සියලුදෙනාම මහා මිනිස් පවුරක් ලෙස ජනතාව ඉදිරියෙන් අත්වැල් බැඳගෙන එකට හිට ගන්න ඔ්නී. එතකොට කඳුලු ගෑස්, ජල ප්‍රහාර මුලින්ම කන්නේ ඉදිරියේ ඉන්න දේශපාලඥයෝ.
මේක තනි පක්ෂයකට තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සජබයට තනියෙන් ජනාධිපතිව පළවා හරින්න බෑ. ජේ.වී.පී එකට තනියෙන් ජනාධිපතිව පළවා හරින්න බෑ. ෙපරටුගාමී අයට තනියෙන් කරන්න බෑ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංලම් වලට තනියෙන් කරන්න බෑ. මේ සියලු දෙනා එකතුවුනොත් කරන්න පුලුවන්. ඉතින් 09 වැනිදා නම් අවසන් දවස වෙන්න ඔ්නී මේ සතියම සූදානම් වීම කරන්න ඔ්නී. ඊයේ අපි ජනාධිපතිවරයාගේ ගේ ඉදිරියට ගියා. අද මම හිතන්නේ භික්ෂූන් වහන්සේලා බහිවා. හෙට මම හිතන්නේ විශ්ව විද්‍යාල තරුණ තරුණියන් එළියට බහිනවා. ඉතින් මේ සියල්ලේ අවසන් දිනය වෙන්න ඔ්නී 09 වැනිදා මෙයා ගෙදර යන එක.
කවුරුත් මෙතන එක දාගන්නවත්, අරගලයේ නායකයෙක් වෙන්නවත් අවශ්‍ය නෑ. කාටවත් මේ අරගලයේ ක්‍රෙඩිට් එක යා යුතු නෑ. අරගලයේ ක්‍රෙඩිට් එක මිනිස්සු තමයි ගන්න ඔ්නී. මේ වෙලාවේ පක්ෂ දේශපාලනය වැඩක් නෑ. අපේ පොදු හතුරා කවුද කියලා හඳුනා ගන්න ඔ්නී. ඇති හැකි මිනිහාගේ ඉදන් නැති බැරි මිනිහා දක්වා පාරේ රස්තියාදු වෙනවා."