ජයිකා ආයතනය දුන් ණය නොගෙවීම ප්‍රශ්නයක් (VIDEO)

ශ්‍රී ලංකාව මුහුණදී සිටින බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපන් රජය ඉදිරියේදී උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වන නමුත් ජයිකා

ආයතනය දුන් බිලියන තුනක පමණ ණය ගෙවීම පැහැර හැරීම ගැටළුවක් වී ඇති බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මේ මොහොතේ ජපානයෙන් ලබාගත හැකි සහයෝගය කුමක්ද යන්න සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍රීවරුන් ඉකුත්දා ජපාන තානාපතිවරයා හමු වූ අතර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ දැක්වූ චම්පික අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"පාර්ලිමේන්තුවේ ඉන්න නිර්පාක්ෂික ස්වාධීන මන්ත්‍රීවරු හැටියට අපි ජපන් තානාපතිතුමා හමු වුණා. ජපානය කියන්නේ අපිට අවුරුදු හැත්තෑවක් කිසිම දේශපාලන කොන්දේසියකින් තොරව උදව් කරපු රටක්. ඒ නිසා මේ අමාරු අවස්ථාවේදී, අසීරු අවස්ථාවේදී ජපානයේ උදව් අපිට ඉතාම අවශ්‍යයි.

විශේෂයෙන්ම අපේ ඖෂධ ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, මුදල් ප්‍රශ්න විසඳගන්න. ඒ වගේම දිගුකාලීන වශයෙනුත් මධ්‍යකාලීන වශයෙනුත් අපිට අවශ්‍යයි."

"ඉතින් අපිට එතුමන්ලාට තියෙන ගැටලුව ජයිකා ආයතනය විසින් අපිට දීපු බිලියන තුනක පමණ ණය අපි ගෙවීම පැහැර හැරලා තියෙනවා අප්‍රේල් 12 වෙනිදා ඉදන්. ඉතින් ඒ නිසා විශාල ණය ප්‍රමාණයකට ඉඩකඩක් නැහැ. නමුත් යම් යම් ක්ෂේත්‍රවලට අපි එතුමන්ලාගේ අවධානය යොමු කළා.

විශේෂයෙන්ම අද අපේ ජනතාවට අවශ්‍ය කරනවා පාපැදි, විදුලි බලයෙන් පාවිච්චි වෙන පාපැදි වගේ දේවල්. විදුලි බලයෙන් දුවන වාහන, ඒ වගේම සූර්ය බලය, රැකියා, විශේෂයෙන් වෘත්තීයවේදීන්ට ඇතුළු විශාල පිරිසක් රැකියා අහිමි වෙලා තියෙනවා. අනිත් අයටත් ආදායම් ලබාගන්න. ඒ වගේ ක්ෂේත්‍ර ගැන කටයුතු කරන්න කියන අපේ රටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය මූල්‍ය සාධක ලබා දෙන්න කියන එක.

ඒ ගැන එතුමන්ලා ඒ ආණ්ඩුවත් එක්ක ධනාත්මකව කටයුතු කරන බව අපට පොරොන්දු වුණා.''

 

Search