මිස්ට බීන් වගේ වෙන්න එපා ! - විජිත ගෙන් රනිල්ට ප්‍රහාරයක් (VIDEO)

මෙම මස 9,10,11 දිනවල දී ඉන්ධන නෞකා පහක් පැමිණෙන බවට මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු ඇමතිවරුන් රට නොමග යවන ප්‍රකාශයක්

කිරීම ගැන වහාම පරීක්ෂණයක් සිදු කර ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගය කවරේදැයි රට හමුවේ දැනුම් දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. 

අද (6) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටි අතර එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙරලා විමසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අගමැති ධුරය බාර ගැනීමට සූදානම් දැයි තමන් විමසූ කාරණයට ඉන්පෙර පිළිතුරු ලබාදෙන ලෙසයි.

මෙහිදී විජිත හේරත් මන්ත්‍රීවරයා,

"ගරු අගමැතිතුමා ඔබතුමා රටේ වගකිව යුතු අගමැතිවරයා නිකන් මිස්ට බීන් වෙන්න එපා! වගකිව යුතු විදියට උත්තර දෙන්න. මිස්ට බීන්ගේ තත්වේ හොඳයි ඔබතුමා විපක්ෂේ මෙන්න මේ පුටුවේ වාඩිවෙලා හිටියා නම්. ඔබතුමා දැන් මිස්ට බීන් වෙන්න එපා. ඔබතුමා රටේ ගරු කටයුතු අගමැතිවරයා. මම අහන්නේ මේ රටේ ජනතාවගේ දැවෙන මාරාන්තික ප්‍රශ්නයක්. තෙල් පිළිබඳ ප්‍රශ්නයට ඔබතුමාලගේ විසඳුම මොකක්ද ? එනවා කියන නැව 9 වැනිදා නිශ්චිතව එනවද? ඩීසල් පෙට්‍රල් ටික ඔය කියන විදියට ජනතාවට දෙනවද නැද්ද? කියන එකට උත්තර දෙන්න වැල් බයිලා කියවන්නේ නැතිව."

 

Search