තමන්ට හෝ රනිල් වික්‍රමසිංහ හෝ අගමැති පුටුවේ වාඩි වීමට ජනවරමක් නැති බව ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී අද
(5) පැවසීය.
අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්න. අඩුම තරමේ මට තියනවා ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයවත්. රනිල්, ඔබට ජනවරම සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක්වත් නැහැ."
එවැනි පුද්ගලයෙක් අග්‍රාමාත්‍ය ධුරයේ දින නියමයක් නැතිව තබාගෙන හිඳීම සාධාරණදැයි අනුර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
"ඔබ ගැන සාමාන්‍යයෙන් පුවත්පත්වල මාධ්‍ය වාර්තා ලියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගති ගුණ ගැනයි. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට ඒක කොහොමද ගැළපෙන්නේ. ඔය පුටුවෙ ඔබ ඇඹලයෙක් ලෙස ඇලී ගැලී නැගී සිටින්නට සූදානම් නම් අන්න ඒකට මම විරුද්ධයි."