ජනපතිට පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් - මහින්දත් සිටියදී ජනපති නැගිට යයි (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියදී සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සිය

අසුන්වලින් නැගිට විරෝධය දැක්වීම නිසා අද (5) සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

අගමැති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සිටියදී "ගෝ හෝම් ගෝඨා" (ගෝටා ගෙදර යන්න) යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු එක දිගට විරෝධතාවයක යෙදුනු අතර ඒ අනුව සභාවේ කටයුතු පාලනය කරගත නොහැකිවීමෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සභාව විනාඩි දහයකට කල් තබනු ලැබීය.

විපක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටියදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද "වී වෝන්ට් ගෝටා" ( ගෝටා අපිට අවශ්‍යයි) යනුවෙන් කෑ ගැසූ හ.

කෙසේ වෙතත් විරෝධතාවය පැවැත්වෙන අතරේදී ජනාධිපතිවරයා සභා ගැබෙන් පිටව ගියේ ය.

 

 

Search