ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නෑ - විමල් ඇවිලෙයි (VIDEO)

ඉන්ධන නොමැති වීමෙන් අද වනවිට රට තුළ ස්වයං ඇඳිරිනීති තත්ත්වයක් පවතින බවත් මිනිස්සුන්ට හිතට දැනෙන කවර හෝ සහනයක් පේන තෙක්මානයක

නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ චෝදනා කරනවා.

අද (04) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

"මම හිතනවා අපි කලින් දාපු ප්‍රශ්නවලට උත්තර දෙනවා ට වඩා මේ තියෙන අර්බුදයෙන් පීඩාවට පත්වෙන ජනතාවට අපි මොකද්ද කියන්නේ ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නෑ. මහජනතාවට පේන්නේ නෑ. මිනිස්සු පෙළෙන්නේ බරපතළ පීඩාවක. අඩුම තරමේ ඒ මිනිස්සුන්ට හිතට දැනෙන මොකක් හරි සහනයක්වත් පේන තෙක්මානයක නෑ. අපි විපක්ෂයේ හිටියා කියලා අපි කාලකන්නි සන්තෝෂයක් ලබන්නේ නෑ. අවාසනාවකට මේ තියෙන පාලන තන්ත්‍රව ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ භූමිකාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතුමා ඡන්දයෙන් පැරදිලා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකින් ආපු තනි පුද්ගලයෙක්. එහෙම කෙනෙක් අගමැති කරා කියලා ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. කරුණා කරලා දැන්වත් මේක උත්සන්න වීමට ඉඩනොදී අපේ පක්ෂ ටික එකතුවෙලා සාකච්ඡා කරලා සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනාගන්න වැඩපිළිවෙලකට යන්. අපි මේ සෙල්ලමක් ද කරන්නේ. ගිනි කන්දක් උඩ ඉදගෙන අපි ටෙනිස් බෝල ගහනවා."

Search