පොහොර හෝ ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියා ආණ්ඩුව සමඟ කතා කළ යුතු නැති අතර රුසියාවේ අදාළ සමාගම් සහ ලංකාවේ අදාල සමාගම්
එකඟතාවයෙන් එම ගනුදෙනු සිදු කර ගැනීමට හැකියාව තිබෙන බව ද රුසියානු ආණ්ඩුව තමාට එවූ ලිපියේ අන්තර්ගත වූයේ යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ දී අද(4) පැවසීය.
එසේම, එම ලිපියෙහි සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා රජයට "කළ හැකි දේ" නමුත් මෙරට රජය එම කරුණු අනුව ක්‍රියාත්මක නොවීම ගැන තමන් කණගාටුවට පත්වන බවත් ඔහු කියා සිටියේ ය.
රුසියා ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයෙන් පසු තමා රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් අමතා යැවූ ලිපියට දින තුනක් ඇතුළත පිළිතුරු ලිපියක් ලැබී තිබූ බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එලෙස ලැබුණු ලිපිය තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යැවූ බවද පැවසී ය.