තමාට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම පවා ගැටලුවක් පවතින අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක රට වටේ පවත්වන
විරෝධතා සඳහා එක්වෙමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
"ඉදිරියේදී ඉන්ධන පරිභෝජනය සීමා කරන්නන වෙනවා. දින 10කින් සිපෙට්කෝ ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් කළේ නෑ. අනුර කුමාර දිසානායක මහතා පෝලිම්වල ඉන්නවා දැක්කෙත් නෑ. ඒ් වුණාට කුරුණෑගල, මාතර, අනුරාධපුරයේ තිබුණ විරෝධතාවලට යන්න එතුමට තෙල් තියෙන්නේ කොහොමද?" යැයි ඔහු පැවැසීය.