පුරුෂයාගෙන් ගුටිබැට ලබන ‘දුන් දෙයක් උයා පුච්චා දෙන’ දෙන අහිංසක ගැමි ගැහැණුන් වෙනුවට ස්ත්‍රීන් බල ගැන්වීමේ නව ලිබරල් න්‍යාය අනුව ලැබුණු ‘හීන්ණය’ හෙවත් ශුද්‍ර මූල්‍ය ණය බරින් නන්නත්තාර වු ස්ත්‍රීහු දැන් රට පුරා සිටිති.
අදටත් හිඟුරක්ගොඩ ‘ගම්උදා” උත්සව භූමියේ උපවාස කරන්නේත් එදා නගරයේ මර හඬ දෙමින් පෙලපාලි ගියේත් මේ ණය බරින් නන්නත්තාර වූ සිංහල දෙමළ, මුස්ලිම් ගැහණුන් ය. අනෙක් අතට නූතන ලංකාවේ මුල්ම ගොවිජනපද ව්‍යාපාර පිහිට වූ පොලොන්නරු දිසාවේ ඓතිහාසික මින්නේරි වැවෙන් තෙත් කෙරෙන භූමියේම පිහිටි “නැතිබැරි එවුන් ඇතිහැකි එවුන්” කිරීමට සියතින්ම ඔටුණු පළඳවා ගත් ජනාධිපත් ආර් ප්‍රේමදාස, රට පුරා වාර්ෂිකව ‘ගම් උදා’ මහ සැමරුම් උත්සව පැවැත්වූ භූමියකම මේ ස්ත්‍රීන් උපවාස කරමින් සිටීම ඉතිහාසයේ බලවත් දේශපාලන සරදමකි. එපමණක් ද පෙලපාලිකාරියන් සමඟ හිඟුරක්ගොඩ නගරයේ වීදි සංචාරය කර ගිය අප අවසානයේ රැස්වීමට නවතා ගැණුනේ නගරයේ මැද, හතරමං හංදියේ පිහිටි ඔරලෝසු කණුව යටය.
වේදනාවෙන් පැසවමින් කථිකාරියන් මහහඬ දෙමින් තමන්ට වූ විපත කියද්දී අප හිස ඔසවා වැටෙන හෙවනැල්ල දෙස බැළුවෙමු. අප සිටින්නේ බටහිර පැත්තේ “ජාතියේ පියා” නමි විරුදාවලී ලබන රටේ මුල්ම අගමැති වූ සර් දොන් ස්ටීවන් සේනානයක හෙවත් ඩී. එස්. සේනානායකගේ හෙවන යටය. මේ ඔරලෝසු කණුවේ හතර පැත්තේ දිසා හතර දෙස බලා සිටින ජාතික විරයෝ හතර දෙනාගෙන් කෙනෙකි. උතුරු දිසාව බලා සිටින්නේ මහා දානපති සහ රටේ තෙවන අගමැති සර් ජෝන් කොතලාවල හෙවත් ‘ජාතියේ පියාගේ” බෑණා ය. නැගෙනහිර පැත්ත බලා සිටින්නේ රටේ තුන් වතාවක් අගමැති වූ “බත් දුන් පියා”නමින් විරුද ලැබූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක හෙවත් “ජාතියේ පියාගේ” වැඩිමහල් පුත්‍රයාය. දකුණු පැත්ත බලා සිටින්නේ “මින්නේරි දෙවියෝ” නමින් අපර නාම ලැබූ බ්‍රිතාන්‍ය යටත් විජිත සිවිල් පරිපාලන නිලධාරියෙක්ව සිටි පසු කලෙක බලවත් ඇමතිවරයෙක් වූ චාර්ලස් පාර්සිවේල් ද සිල්වා හෙවත් සී.පී. ද සිල්වා ය. ඉතින් මීටත් වඩා දේශපාලන සරදම් මේ මොහොතේ ලංකාවේ තිබිය හැකි ද?
නන්දන වීරරත්න
පිංතුර ලක්මාල් බන්ඩාර සේනානායක