ජීවිතයක් මොකටද හෙට හිනා වෙන්න බැරි - ඇත්ත තමයි සිවරමණී මරණය යහපති...

ජීවිතයක් මොකටද හෙට හිනා වෙන්න බැරි - ඇත්ත තමයි සිවරමණී මරණය යහපති...

ජීවිතයක් මොකටද හෙට හිනා වෙන්න බැරි - ඇත්ත තමයි සිවරමණී මරණය යහපති...

සිවරමණී කවුද ඉතිං අපේ දුකට අඬන්නේ
කඩදාසි ඔරු වලින් කොහොමද තමිල්නාඩු දුවන්නේ
තල මල පිපිලා මොකටද තල් වැට නැහැ බිඳෙන්නේ
ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන තනියෙන් අපි අඬන්නේ

ටොකු ඇන ඇන කියා දෙන්න
ගුරුවරු නම් ඇති
හිත රිදුනම නාඬා
හිත හදා ගන්න හැටි
යාපනයේ පෙළ පොත් වල
ඒ පාඩම නැති
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති

පිච්ච මල් නෙලා
කෝවිල් ගිය අය බෝ වෙති
හදිස්සියට වත් දෙවොලේ
‍දෙවියෙක් නැති හැටි
ජීවිතයක් මොකටද හෙට
හිනා වෙන්න බැරි
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති...

-ප්‍රසාද් වීරසේකර

නිලර් එන්. කාසිම් විසින් පරිවර්තනය කරන ලද සහෝදර පියාපත් කෘතිය තුළ අන්තර්ගත සිවරමණී කිවිඳිය විසින් රචිත කවි කියවීමෙන් පසු ලියන ලද ගීතයකි. සිවරමණි කවිය ,චිත්‍ර ශිල්පය, නර්තනය, ඡායාරූපකරණ‍ය වැනි ක්ෂේත්‍ර ගණනාවක සුවිශේෂ කුසලතා පළ කළ තැනැත්තියකි.අවුරුදු 21 පමණක් ජීවත් වූ ඇය 1991 මැයි 19 වන දින සිය දිවි හානිකර ගත්තාය.

බූන්දි|BOONDI

Search