අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය වරින් වර වෙනස් කරමින් අදහස් පළ කරන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
ඊයේ (18) දින අගරදගුරුවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඥානසාර හිමි මේ බව පැවසීය.
මේ අතර කාදිනල් හිමිපාණන් අද (19) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ තමන් ඊයේ පැවසූ දේ වැරදියට තේරුම් ගෙන ඇති බවයි.
”අන්තර්ජාතික බලපෑම් කරන දේශපාලනික බලවේග ගැනයි මම කිව්වෙ මම කිව්වෙ නෑ මේ රටේ අහවල් පක්ෂෙ අහවල් දේශපාලන නායකයෝ ඒගොල්ල ගැන මං කතා කරන්න ගියේ නෑ”