ගෘහ සේවිකාවන් 41ක් දරුවෝ එක්ක මාස 18ක් තිස්සේ සවුදි අරාබියේ රඳවාගෙන

ගෘහ සේවිකාවන් 41ක් දරුවෝ එක්ක මාස 18ක් තිස්සේ සවුදි අරාබියේ රඳවාගෙන

ශ්‍රී ලාංකේය සංක්‍රමණික ගෘහස්ථ සේවිකාවන් අවම වශයෙන් 41 දෙනෙකු සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි පිටුවහල් කිරීමේ රැඳවුම් මධ්‍යස්ථානයක මාස 18 ක් තිස්සේ රඳවාගෙන සිටින බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියා සිටියි.

ඔවුන්ට සිය රටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් කඩිනම් පියවර ගත යුතු බව ඔවුන් අවධාරණය කරයි.

එම කාන්තාවන්ගෙන් තිදෙනෙකු සමඟ කුඩා ළමුන් ද සිටින බවත් තවත් එක් කාන්තාවකට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව ඇති බවත් සංවිධානය ඊයේ (15) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

කිසිදු කාන්තාවකට එරෙහිව චෝදනා නොමැති බව දන්වා ඇති අතර ඔවුන් එසේ රඳවා තබා ගැනීමේ හේතුව හෝ කාලය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට කිසිදු නීතිමය උපකාර ද හිමිවී නැති බවයි වැඩිදුරටත් එහි සඳහන් වන්නේ.

 Screenshot 20210415 162649 Office

 

Search