පෝට් සිටිය පාර්ලිමේන්තු පනතකින් චීනයට පවරා දෙන්න හදන්නේ - විජයදාසගෙන් ආන්දෝළනාත්මක ප්‍රකාශයක් (VIDEO)

පෝට් සිටිය පාර්ලිමේන්තු පනතකින් චීනයට පවරා දෙන්න හදන්නේ - විජයදාසගෙන් ආන්දෝළනාත්මක ප්‍රකාශයක් (VIDEO)

"ගෝඨාභයගෙ ආණ්ඩුව වරාය නගරය පාර්ලිමේන්තු පනතකින් චීනයට පවරා දෙන්න හදන්නේ. අපේ රටේ භූමිය ගොඩකරපු අක්කර 1100 මේ පනත අනුව ලංකාවට අයිති නැහැ. මේ පනතෙන් කොමිසමක් හදන්න යනවා.

ඒ කොමිසම කරන්නේ චීන සමාගමේ අවශ්‍යතාවය. ලංකාවේ පාලනයක් ඒකේ නැහැ. පාර්ලිමේන්තුවේ පාලනයක් නැහැ. මොන්ටිවීඩියෝ සම්මුතියෙ තියෙනවනේ වෙනම රටක් ලෙස පිළිගන්න අවශ්‍යතා හතරක්. ඒ හතරම මෙතන තියෙනවා. අද රට පාලනය කරන්නේ ගෝඨාභය , බැසිල් කියන අමෙරිකන් පුරවැසියො දෙන්නා. ඒ දෙන්නා අමෙරිකාවට යයි. අපේ දරුවන්ට රටක් නැතිවෙයි. කබ්රාල්ගෙ ග්‍රීක බැඳුම්කර වලින් රටට වෙච්චි පාඩුව අති විශාලයි. ඒ අය අදත් ආණ්ඩුවේ ඉන්නවා. ගෝඨාභය ගෙනාවෙ සම්පත් විදේශයන්ට විකුණන එකෙන් රට බේරගන්න. ඒත් දැන් ඒ අරමුණ ඉටුවෙන්නේ නෑ. "

ඡායා : උපුටා ගැන්මකි

Search