වල්සපුගල ගොවියෝ අවුරුද්දට ලුණු කැඳ බොති

වල්සපුගල ගොවියෝ අවුරුද්දට ලුණු කැඳ බොති

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව වල්සපුගල ගොවීන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය ඊයේ (14) අවුරුදු දිනයේ දී ද ක්‍රියාත්මක විය.

ඔවුන් සත්‍යග්‍රහ භුමියේ හිඳිමින්ම ආහාර අනුභව නැකතට ලුණු කැඳ පිස ආහාරයට ගෙන තිබුණි.

අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇතත් ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ නිරත වන්නේ ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පවසමිනි.

 

 

Search