චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ ඊයේ (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අදාල ගිවිසුම බිජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අත්සන් තැබූ බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ ණය මුදල මෙම සතිය තුළදී මෙරටට ලැබීමට නියමිතයි.

 

Search