මාගම, කිරින්ද වැලි වැටිය ඉන්දියාවේ සමාගමකට විකිණීමේ ප්‍රයත්නයක්

මාගම, කිරින්ද වැලි වැටිය ඉන්දියාවේ සමාගමකට විකිණීමේ ප්‍රයත්නයක්

වත්මන් රජය විසින් තිස්සමහාරාම මාගම, කිරින්ද වෙරළ තීරයේ පිහිටා ඇති ඛණිජ නිධි සහිත වැලි වැටිය (Sand dunes) ඉන්දියාවේ සමාගමකට විකිණීමේ ප්‍රයත්නයක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කරයි.

ඊයේ (12) දින එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය අවස්ථාවේ මෙම වැලි වැටි හේතුවෙන් සිදුවන්නට තිබූ විශාල හානියක් මග හරවා ගැනීමට හැකියාව ලැබුණු බවත් සමුද්‍ර ඛාදනය අවම කිරීම, සමුද්‍රාසන්න පරිසර පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ඇතුළු ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන පරිසර පද්ධතියක් ලෙස මෙම වැලිවැටිය හඳුනාගත හැකි බවත් විපක්ෂ නායකයා කියා සිටියි.

සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටින්නේ මෙවැනි වටිනා පරිසර පද්ධතියක් විදේශයන්ට විකිණීම මහා ජාතික අපරාධයක් බව යි.

 

 

මොකක්ද මෙි මාගම කිරින්ද වැලිවැටිය


(2012 වසරේ එම ප්‍රදේශයේ සංචාරයකින් පසු සකස්කල ලිපියකි)


හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මාගම කිරින්ද වෙරළ තීරයේ ඇති වැලි වැටිය තුල ගානට් හා ඉල්මනයිට් නම් ඛනිජ බහුලව ඇති බව අනාවරණය කර ගත්තේ මීට කලකට පෙරය.

මෙම ඛනිජ නිධිය තුල ගානට් 28-32% පමණ සංයුතියකිනුත් ඉල්මනයිට් 4-5% සංයුතියකිනුත් පවතින බව හෙළිව තිබේ. ශ්‍රි ලංකාව වටා ඇති වෙරළ තිරය විවිධ ඛනිජ වර්ගයන්ගෙන් පොහොසත් වුවද ගානට් නම් ඛනිජ වැලි වර්ගය මෙතරම් ඉහල ප්‍රතිශතයකින් වාර්ථා වන්නේ මාගම කිරින්ද වෙරළ තීරයෙන් පමණක් බව පැවසේ.

මාගම මෝයේ සිට දොරවාය මෝදර දක්වා අතර වෙරළ තිරයේ ඇති මෙම වැලිවැටියේ ගානට් හා ඉල්මනයිට් කැණීම හා සැකසීම සදහා ETA ලංකා නැචුරල් රිසෝසන් නම් පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වුවද මහජන විරෝධතා හමුවේ එය තාවකාලිකව යටපත් වී තිබේ.

172114454 3919319191450680 3689454771669299630 n

ඉන්දියානු සමාගමක් වන ETA ලංකා නැචුරල් රිසෝසන් පෞද්ගලික සමාගම මෙම වැලි වැටියේ ඇති ගානට් හා ඉල්මනයිට් ඛනිජ වෙන්කරන ඛනිජ වැලි කැණීමේ හා සැකසීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේනතුව වෙත අයදුම්පතක් ඉදිරිපත්කර තිබුණේ 2004 වසරේ සැප්තැම්බර් 23 දාය. ETA ලංකා නැචුරල් රිසෝසන් පෞද්ගලික සමාගම ඉදිරිපත්කර තිබූ මෙම අයදුම් පත සම්බන්දයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2004 වසරේ ඔක්තෝබර් මස 05 දින අදාල පාර්ශවයන් කැදවා මෙම ව්‍යාපාතියට අදාලව විධිමත් ව්‍යාපෘති වාර්ථාවක් සකසන ලෙසත් මෙම කැණිම් කටයුතු සිදුකිරීම සදහා තිස්සමහරාම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙසත් සමාගමට උපදෙස් දී ඇත. මේ වකවානුව වන විට තිස්සමහරාම ප්‍රාදේශිය සබාවේ බලය ජනතා විමුක්ති පෙරමුණ හිමිකරගෙන තිබුණ අතර 2004.12.26 දින ETA ලංකා සමාගම තිස්සමහරාම ප්‍රාදේශිය සබාව සමග කල සාකච්ඡාවෙන් පසුව මෙම ව්‍යාපාතිය සදහා පාරිසරික බලපෑම් ඇගයීමේ(E.I.A) වාර්ථාවක් පිළියෙල කලයුතු බවට තීරණය විය. නමුත් 2004.12.26 දින මිනිස් ජීවිත 40000කට වැඩි ප්‍රමාණයකුත් විශාල දේපල හා පාරිසරික හානියකුත් සිදුකරමින් සිදුවු සුනාමි ව්‍යවසනයෙන් පසුව තිස්සමහරාම ප්‍රාදේශිය සභාව මෙම ව්‍යාපෘති යෝජනාව සදහා විරෝධය පල කලේය. ඒ හේතුවෙන් මෙම යෝජිත ව්‍යාපෘතිය සදහා බලපත්‍ර සැකසීමේ ක්‍රියාවලියද තාවකාලිකව අත්හිටුවන ලදි. කෙසේ නමුත් 2005 වසරේ ජුලි මස 12 දින මෙම ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අදාල පාර්ශව කැදවා පැවති අතර එහිදී නැවත වරක් පරිසර බලපෑම් ඇගයීමේ වාර්ථාවක් පිළියෙළ කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන ලදි. ඒ අනුව සමාගම 2006.01.26 දින පරිසර බලපෑම් ඇගයීමේ (E.I.A) වාර්ථාවක් සකසා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදි. නමුත් මෙම වාර්තාව සදහා මෙරට පරිසර සංවිධාන බහුජන සංවිධාන පමණක් නොව දන්ගස්මුල්ල මෝදර පැලැස්ස මාගම අන්දරගස්යාය,වැලිපොත්තේවෙල, නිදන්ගල වැල්ල ආදි ගම්මාන වල ජනතාව විරෝධය පෑහ. තිස්සමහාරාම ප්‍රාදේශිය සභාවත් මාගම ගැමුණු ප්‍රජාමූල සංවිධානය,තිස්සමහරාම ශාසනාරක්ෂක බල මණ්ඩලය මෙම යෝජිත වයාපෘතියට විරෝධය දැක්වුහ. ඔවුන් පවසන්නේ 2004 වසරේ මහා විනාශයක් අත්කර දෙමින් සිදුවූ සුනාමි ව්‍යසනයෙන් දන්ගස්මුල්ල, මෝදරපැලැස්ස, මාගම ආදි අවට ගම්මාන රැක දුන්නේ මේ දැවැන්ත වැලි වැටිය බවයි. එමෙන්ම මෝදර පැලැස්ස ප්‍රදේශයේ අක්කර 31ක් ගොඩගම්මාන යාය,වෙලගමයාය, ප්‍රදේශයේ අක්කර 600ක් පමණ තවත් මෙම ගම්මානවල ඇති අක්කර 400කුත් පමණ ලවණ මිශ්‍ර නොවී ඉඩම් වගාකර ගත හැකි වූයේ මෙම වැලි වැටිය හේතුවෙන් බව ඔවුහු පවසති.

172184636 3919322301450369 1607532857734785332 n

වැලිවැටිය කැනීම හේතුවෙන් මෙහි ඇති දුලබ ශාක විශේෂයන්ටත් එහි ජීවත්ව සිටින සත්ව ප්‍රජාවටත් තර්ජනයක් බව පරිසර සංවිධාන පෙන්වා දේ. ඔවුන් පවසන්නේ මෙම වැලිවැටිය තුල Hydro phylox sp ,Rpromoea sp, scaevola sp ආදි ශාක විශේෂ ඇතුළුව තවත් විශේෂ ගනණාවක් හදුනාගෙන ඇති බවත් මේ කැණිම් හේතුවෙන් ඒවා විනාශ වී යන බවත්ය. එමෙන්ම මෙම ශාක වර්ග වැලි වැටිය ආරක්ෂා කිරීමට බලපා ඇති බවත් ඒවා ඉවත්කිරීම මේ වැලිවැටියේ ස්ථායිතාවයට තර්ජනයක් බවත්ය.එමෙන්ම මෙම ප්‍රදේශය වාසය කොට ජිවත්වන Echis carinatus නම් සර්ප විශේෂයත් sitra panticerianainatus මේ හේතුවෙන් බලපෑම් එල්ල විය හැකි බව ඔවුහු පවසති. මීට අමතරව මේ වැලි වැටිය ආශ්‍රිත වැලිපර වල macrophthlamaus depressus යන කකුලු විශේෂ දෙක ජීවත්වන බව හදුනාගෙන ඇති බවත් එම ජීවින්ටද මේ තත්වය තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති.

පරිසර සංවිධාන හා ගම්වැසියන් පෙන්වා දෙන අන්දමට යාල හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කෙරෙන අලි මංකඩක් (Elephant Corridor) මේ වැලි වැටිය මතින් වැටී තිබේ. අප කල නිරීක්ෂණයන්ගෙන්ද තහවුරු වූයේ මේ වැලි වැටිය තුල වන අලියන් විශාල සංඛ්‍යාවක් සංචරනය වෙන බවයි. මෙම වැලිවැටිය කැණීම මගින් මාගම වැලිපොතේවෙල, අන්දරගස්යායා,මෝදර පැලැස්ස,නිදන්ගල වැල්ල ආදි ගම්මානවලට වන අලි තර්ජන එල්ලවෙනු ඇතැයි ඔවුහු බිය පල කරති. මාගම කිරින්ද වැලිවැටියේ ඛනිජ වැලි කැණිම සදහා අවසර ඉල්ලන ETA ලංකා සමාගම මෙහි ඛනිජ සැකසීමේ මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජනා කර ඇත්තේ මිරිජ්ජවිල ප්‍රදේශයේය. ඔවුන් මෙම ඉදිකරන කර්මාන්තශාලාව සදහා දිනකට ජල ලීටර් 5000ක් අවශ්‍ය බව පරිසර බලපෑම් ඇගයීමේ තක්සේරු වාර්ථාව E.I.A මගින් පෙන්වා දී ඇත. මෙම ජල අවශ්‍යතාවය ඔවුන් එම ප්‍රාදේශය ආශ්‍රිතව ගැඹුරු ලිං 02-03 ඉදිකර ජලය ලබා ගැනීමට යෝජනාකර තිබේ.නමුත් මෙම ව්‍යාපෘතියට එරෙහි පිරිස් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් භූගත ජලයට ලවණ මිශ්‍ර විමේ ඉඩකඩක් මතුවන බවයි. එමෙන්ම පරිසර බලපෑම් පිළිබද ඇගයීම් වාර්තාව සමස්ථ ව්‍යාපෘතියම ආවරණය වන තාක්ෂණික වාර්ථාවක් විය යුතු වුවත් මේ වාර්තාව තුලින් ප්‍රදේශයේ භූගත ජල ප්‍රමාණයන් නිශ්චිත කර ගැනීමට විධිමත් පර්ෂණයක්වත් කර නොමැති බවයි. එමෙන්ම වැසි ජල ටැංකි දෙකක් ඉදිකර ජලය මෙම ව්‍යාපෘතිය සදහා යොදාගැනීමට අදහස් කරන බව ඔවුහු පවසති.

172198198 3919317938117472 6581630939198659178 n

කිරිදි ඔය මුහුදට වැටෙන මෝය ප්‍රදේශයේ සිට ව්‍යාප්තව ඇති මෙම වැලිවැටිය තුල ගොඩවාය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයට අයත් කොටසක්ද වේ. 1977 වසරේ වෙරළ කලාප සංරක්ෂණ වැඩසටහනකදී මෙම ප්‍රදේශයෙන් කොටසක් පුරා විද්‍යා සංචාරක කලාපයක් ලෙසද නම් කිරීමට යෝජනා වී තිබී ඇත.
ඉතිහාසය තොරතුරු වලට අනූව 12000ක් මහරහතන් වහන්සේලා තිස්සමහාරාමයේ සිට සිතුල්පව්වට වැඩම කල බව සදහන් වෙයි. මෙම රහතුන් වහන්සේලා තිස්සමහරාම මුල්කොට ගනිමින් යඨාල, සදගිරිය, යෝධකණ්ඩිය, නැදිගමවෙල සහ කිරිදිගං මෝය ආශ්‍රිතව ඇති ගල් කණු මංඩිය හෙවත් සමුදුගිරි විහාර ආශ්‍රිතව වැඩ සිට ඇත. ගල්කණු මංඩිය හෙවත් සමුදුගිරි විහාරය තුල මෙරට කීර්තිමත් හිමිනමක් වූ තිරාණගම මහානායක හිමියන් වැඩ සිටි අතර මෙහි වසර 2000කට වඩා පැරණි කාවන්තිස්ස සමයට අයත් චෛත්‍ය 07ක හමුවේ. මින් බොහෝ චෛත්‍ය ඇත්තේ වැල්ලෙන් යටවී ගොස්ය. ඊට අමතරව වැලිවැටිය තුල තැනින් තැන ඉපැරණි ගොඩනැගිලි වල නටඹුන් දක්නට ඇති අතර ඉතිහාසඥයින් පවසන්නේ මෙය ඉපැරණි මාගම රාජධානියේ කොටසක් බවය. මෙම ස්ථානය පිළිබදව රෝලන්ඩ් සිල්වා ශිරාන් දැරණියගල වැනි පුරා විදයාඥයින්, ඉතිහාසඥයින්, භූ විද්‍යාඥයන් කලක් පුරා පර්යේෂණයට ලක් කල ස්ථානයක් බව සදහන්ය. අදටත් කල්ගනුමන්ඩිය තුල මේ වැලලී ගොස් ඇති ඉතිහාසය පිළිබදව නෂ්ඨාවශේෂ දක්නට ඇතත් ඒ පිළිබදව හැදෑරීමක් කරන බවක් දක්නට නැත. මේ අනූව මෙම වැලිවැටිය පවතින භූමිය හුදෙක් ඛනිජ නිධියක් පමණක් නොව මෙරට ශිෂ්ඨාචාරයේ ස්පර්ශමය කාලවකවානුවක් වසාගෙන පෞරාණික භූමියක් බව පැහැදිලිය. මෙම වැලිවැටිය කැණිම මගින් එම ඉතිහාසය සදහටම වලලා දමනු ඇත.

171504528 3919322231450376 260573089407782059 n

කෙසේ නමුත් ETA ලංකා නැචුරල් රිසෝසස් පෞද්ගලික සමාගම 2006.01.26 දින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේනතුව ඉදිරිපත් කර තිබූ පරිසර බලපෑම් තක්සේරු වාර්ථාව දෝෂ සහිත බැවින් නැවත එම දෝෂ නිවැරදි කර අදාල වාර්ථාව ඉදිරිපත් කරන ලෙස ETA ලංකා නැචුරල් රිසෝසස් පෞද්ගලික සමාගමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත. ඒ අනූව ඔවුන් නැවත වාර්ථාවක් සකසා 2006.08.14 දින එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම E.I.A වාර්තාව පිළිබදව මහජන අදහස් විමසීම සදහා ඉදිරිපත්කර ඇත්තේ 2006.09.01 ය. එදින සිට දින 30ක් ඉදිරියට ඊට මහජන අදහස් දැක්විමට කාලය ලබා දී තිබුණි. එම මහජන අදහස් වලට ප්‍රතිචාර දක්වා අදාල සමාගම ඉදිරිපත්කර තිබූ පැහැදිලි කිරීම පිළිබදව මීට එරෙහි වු පාර්ශව කැදවා 2007.03.09 දින සිදු කලද මෙම ව්‍යාපෘතියට එල්ල වූ මහජන විරෝධතාවේ අඩුවක් නොවීය. කෙසේ නමුත් මේ කටයුත්තෙන් පසුව 2008 වසරේ ජුලි මස 14 දින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොන්දේසී සහිතව ETA සමාගමට ව්‍යාපෘතිය කර ගෙන යාමට බලපත්‍රයක් නිකුත් කර ඇත.(කොන්දේසි අමුණා ඇත) මෙම බලපත්‍ර නිකුත් කිරීමට එරෙහිවද ජනතාව වාරෝධතා පෙළපාලි සංවිධානය කරමින් ව්‍යාපෘතිය සදහා විරෝධතා දැක්වූහ. කෙසේ නමුත් ETA සමාගම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේනතුව ලබා දුන් බලපත්‍රයට අමතරව (පී/08/259) භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින්ද කැණීම් කටයුතු සදහා බලපත්‍රයක් ලබාගෙන තිබේ. (ඉ/එල්/157) එමෙන්ම තිස්ස මහරාම ප්‍රාදේශිය ලේකම්වරයාද මෙම වැලිවැටියේ ඇති වැලි සාම්පල් ලෙස ගෙන පරීක්ෂාවට අවසර ලබා ඇතත් තිස්සමහරාම ප්‍රාදේශිය සභාවෙන් ඒ සදහා අවසරයක් ලබා දී නැත. මේ තත්වය තුල 2009.02.07 සහ 2009.02.09 දින මාගම යෝජිත ව්‍යාපෘති ප්‍රදේශයෙන් ව්‍යාපෘති යෝජක සමාගමේ පිරිසක් භූ විදයා හා පතල් කැණිම් කාර්යාංශයේ තාක්ෂණික නිළධාරින් පිරිසක් සමග පැමිණ වැලි 1500-2000 කිග්‍රෑ පමණ රැගෙන යාමට උත්සහ කර ඇත. මේ සදහා ETA සමාගමේ නිළධාරින්ට අමතරව භූවිදයා හා පතල් කැණිම් කාර්යාංශයේ තාක්ෂණික නිළධාරි හිටිහාමි මුදියන්සේලාගේ තුෂාර දේශප්‍රිය , එම කාර්යංශයේ දිස්ත්‍රික් භාර ප්‍රාදේශිය කලමනාකරු තේනුවරගේ සිසිර කුමාර සහ අංක 20 මාගම කොට්ඨාශයේ ග්‍රාම නිළදාරි ඊ අයි.පී මුතුකුමාරණ යන පිරිස සහ කම්කරුවන් පිරිසක් පැමිණ තිබේ. මෙහිදී ගම්වැසියන් හා මෙම පිරිස අතර ඇතිවූ බහින්බසස් වීමක් දුරදිග යෑමෙන් පසු ප්‍රකෝප වූ ගම්වාසිහු මෙම පිරිසට පහරදී ඇත. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ හා අදාල සමාගමේ ආරක්ෂාවට වෙරළ තිරයේ පොලිස් ආරක්ෂාව යොදා තිබුණද පොලීසිටයද මෙම තත්වය පාලනය කරගත නොහැකි වී තිබේ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තිසස්මහරාම පොලිසියට ETAසමාගමේ සාමාන්‍යාධිකාරි මොහොමඩ් හුසේන් මොහොමඩ් නියාස් යන අය පැමිණිලි කිරීමෙන් පසු තිස්සමහරාම මාගම ප්‍රදේශයේ පුද්ගලයන් 09කට එරෙහිව තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පොලීසියද කටයුතු කර තිබේ. දැනට ඊට අදාල නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතී.
මාගම කිරින්ද වැලිවැටියේ වර්තමාන තත්වය පිළිබදව සොයා බැලීමට අප 2012.01.09 දින එම ප්‍රදේශයේ සිදුකල නිරීක්ෂණ චාරිකාවකදී දැනට එම වැලිවැටියේ ඛණිජ වැලි කැණිම තාවකාලිකව නවතා ඇති බවට තහවුරු වුවත් එම වැලි වැටිය කොටස්කර මායිම් කණු සිටවා ඇති ආකාරය දැකගත හැකිවිය.

171786753 3919322188117047 2754710240811629015 n

මෙසේ වෙන්කර ඇති ප්‍රමාණය අක්කර නිශ්චිතව ප්‍රකාශකල නොහැකි වුවත් ඇති ප්‍රමාණය අක්කර 150-200 පමන විය හැකි බව අදහසයි. කොටස් වශයෙන් වැටකනු සිටවා තිබූ මේ වැලිවැටියේ කිසියම් පිරිසක් සංචාරක හෝටල ඉදිකිරීම් සූදානමක් පවති බවට තොරතුරු ඇතැයි ප්‍රදේශවාසිහු පවසති. නමුත් එය තහවුරු කර ගැනිමට ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට මේ සංචාරයේදී නොහැකි විය. කෙසේ නමුත් එම ඉඩම් කට්ටිකර ඇති ආකාරය අනූව ගම්වැසියන්ගේ අදහස්වල යම් සත්‍යතාවක් ඇතැයි පිළිගැනීමට සිදුවේ.


නයනජිව බන්ඩාර 

Search