ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් විසින් ඊයේ (6) පස්වරුවේ හිඟුරක්ගොඩ නගර මධ්‍යයේ විසින් පැවැත්වූ උද්ඝෝෂණයේ දී රජයට දැඩි විරෝධතාවක් එල්ල විය.
හිඟුරක්ගොඩ රාජ ස්මාරකය අසල පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 30 ක් සම්පූර්ණ වී ඇතත් වින්දිතයන්ගේ ඉල්ලීම්වලට රජය කන් නොදෙන තත්වයක් යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්වුණු අතර ඊට දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් පරිදි ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් සහ ඔවුන් ට සහාය දක්වන සිවිල් සංවිධාන එක්ව සිටියහ.
පා ගමනින් නගර මධ්‍යට පැමිණි විරෝධතාකරුවන් මහපාරේ වාඩි වී උද්ඝෝෂණයේ යෙදුණු අතර සිය අප්‍රසාදය පළ කරමින් පොල් ගසන ආකාරය ද කැමරා කාචවල සටහන් වී තිබුණි.
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් සිදු කරන අසාධාරණ අයකිරීම් නිසා අවසානයේ කාන්තාවන් සිය දිවි හානි කර ගැනීමේ තත්වයට පොළඹවන ආකාරය නිරූපණය කරමින් 'ඕඝ' සාමුහිකය විසින් 'Vampires' අභිවාහය නිර්මාණයක් ද ඉදිරිපත් කර තිබුණේ මෙලෙසිනි.
ඡායා : අමිල උඩගෙදර සහ ඉෂාර ධනසේකර