අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 04ක සිර දඬුවම් හිමිවීම නිසා රන්ජන් රාමනායකගේ මන්ත්‍රී අසුන අහිමිවූ බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී ඇති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිදුකළ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තු සභා ගර්භය තුල උණුසුම් තත්ත්වයක් මතුවී තිබෙනවා.
ඒ එම තීරණයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් සභා ගර්භයේ විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමගයි.