කට මැල්කම් රංජිත්ගේ වුණාට හඬ මැල්කම් රංජිත්ගේ නෙවෙයි : කාදිනල් හිමිගේ ප්‍රකාශය ගැන පළ වූ අදහස් (VIDEO)

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා (04) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිය අදහස් පළ කර තිබුණි.

ඇතැම් පාර්ශ්ව එම ප්‍රකාශයට පක්ෂපාතිව අදහස් පළ කර තිබු අතර ඇතැම් පාර්ශ්ව එම ප්‍රකාශය දැක තිබුණේ දේශපාලනික අරමුණකින් යුතුව කළ එකක් ලෙසිනි.

කාදිනල්තුමන්ගේ කලකිරීම සාධාරණ යැයි ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කරයි. තමන් වහන්සේගේ අවබෝධය පරිදි කොමිෂන් සභා වාර්තාවෙන් විශාල පිරිසකට චෝදනා එල්ල වී ඇතැයිද එක් පුද්ගලයකුට නොව ඒ සියලු දෙනාට නඩු පැවැරිය යුතු යැයිද උන්වහන්සේ කියා සිටිති.

එම ප්‍රකාශය ගැන තමන් කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

නාවල ප්‍රදේයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටින්නේ එම ප්‍රකාශය හරහා කාදිනල් හිමියන් දේශපාලනීකරණය වී ඇති බවත් ඒ පිටුපස ඇති හස්තාය කුමක්ද යන්න විමසිය යුතු බවත් ය.

 

කාදිනල් හිමි මෙරට දේශපාලනයේ කඹ ඇදිල්ලකට මැදිහත් වුණා දෝ යි බරපතල සැකයක් මතුවන බව දේශපාලන ක්‍රියාකාරී චමීර පෙරේරා පවසයි.

කට මැල්කම් රංජිත්ගේ වුණාට හඬ මැල්කම් රංජිත්ගේ නොවන බව උලපනේ සුමංගල හිමි පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා තිබුණි.

Search