ආණ්ඩුව ජනවරම අවභාවිත කරනවා - සජීත්ගෙන් ආණ්ඩුවට චෝදනා (VIDEO)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයවලුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව වත්මන් ආණ්ඩුවට දැවැන්ත ජනවරමක් ලබා දුන් බවත් නමුත් ඒ ජනවරම අද වන විට ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බවත් එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අදාල කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීමට අද (5) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සමඟ එම ස්ථානයට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වසර කිහිපයකට පෙර ඇමරිකාවට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට විසින් පත්කරන ලද කොමිසමත් මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු පත්කළ කොමිසමේ ක්‍රියාකාරීත්වයේ වෙනසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පැහැදිලි කළේය.

තම මන්ත්‍රීවරු ආරක්ෂා කරගැනීමටත් ඔවුන්ට ශක්තියක් ලබා දීමටත් තමන් නිරන්තරයෙන්ම කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

Search