ජිනීවා යෝජනාව සම්මත වීම බටහිර කුමණ්ත්‍රණයක් නෙමෙයි වින්දිතයින්ගේ ජයග්‍රහණයක් - සන්ධ්‍යා එක්නැළිගොඩ

ජිනීවා යෝජනාවලිය සම්මත වීම බටහිර කුමණ්ත්‍රණයක් නොව එය ලංකාවේ වින්දිතයින්ගේ ජයග්‍රහණයක් බව මානව හිමිකම් ක්‍රියාකාරිනි සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.

"මේ රටේ අවුරුදු ගණන් යුක්තිය හොයමින් අරගල කරන වින්දිතයින් ඉන්නේ උතුරේ ද දකුණේ ද මේ සියලුම දෙනා, විශේෂයෙන්ම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ උතුරේ අරගලයත් එක්ක කියන එක අපිට අමතක කරන්න බැහැ. මොකද ඒකෙදි විශාල දායකත්වයක් උතුරේ මව්වරු ලබා දුන්නා ඒ අයගේ අරගලය තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ක්‍රියාත්මකවන ක්‍රියාකාරකම්වලට.

ඒ යෝජනාවලි දිගුවේ එකක් තමයි මේ 2021 දී සිද්ධ වෙන යෝජනාවලියත්. මේකෙන් මං දකිනවා, හෙට දවසේ කුමක් සිද්ධ වෙයි ද කියලා කියන්න බැරි වුනත් මං බලාපොරොත්තු වෙනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට පුළුවන් වේවි මේ රටේ අධිකරණවලින් යුක්තිය ලබා ගන්න බැරි තමන්ගේ මිනිසුන් සොයන වින්දිතයින්ට උතුරේ ද දකුණේ ද සිංහල ද දෙමල ද මුස්ලිම් ද වෙනසක් නැතිව මේ සියලුම වින්දිතයින්ට තමන්ගේ මිනිසුන් පිළිබඳ සත්‍ය සොයා ගන්න සහ යුක්තිය සොයා ගන්න ඒ අයගේ නීත්‍යනුකුල අධිකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වීමට අවකාශයක් ලැබුනා කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ අය මැදිහත්වෙයි කියන විශ්වාසය මා තුල තියෙනවා."

 

Search