ජිනීවා කතාවේ මුලාරම්භය සිදුවුයේ මින් වසර එකොළහකට පෙර එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් සහ ජනාධිපති මහින්ද රජපක්ෂ විසින් ඇතිකරගත් ඒකාබද්ධ ප්‍රකාශයකින් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
යුද්ධය අවසන් කාලයේ දී ජාත්‍යන්තර නීතින් උල්ලංඝනය වූයේ ද යන්න සොයා බැලීමේ යාන්ත්‍රණයක් පිහිටුවන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධ ප්‍රකාශයකින් පොරොන්දු වූ බවත් එය සිදුවූයේ මෙරට තිස් වසරක යුද්ධය නිමා වී සිව් දිනකට පසුව එනම්, 2009 මැයි 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙරට සංචාරයකට පැමිණි පසුව බවත් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ගැන අද (31) දින පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ය.