රට පුරා ලක්ෂ 28ක් ක්‍ෂුද්‍ර මුල්‍ය ණය උගුලේ හිරවෙලා: ණය අහෝසි කරන මෙන් ඉල්ලා වවුනියාවේ විරෝධතා (VIDEO)

ක්‍ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කර කාන්තාවන්ගේ ගෞරවය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස වවුනියාවේ ක්‍ෂුද්‍ර මුල්‍ය වින්දිත කාන්තාවන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රාදේශීය සහ ජාතික දේශපාලනඥයන් රැසක් විසින් පසුගිය මැතිවරණ සමයේ දුන් පොරොන්දුවක් වූ, ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම ඇතුළු ඉල්ලීම් 5 ක් මුල්කොට ගනිමින් හිඟුරක්ගොඩ නගරයේ ක්‍රියාත්මක වන අඛණ්ඩ සත්‍යග්‍රහයට සහය පළ කිරීම සඳහා ඊයේ (30) දින වවුනියාවේ දී පැවැත්වූ විරෝධතාවයක් අතරතුර දී මෙම අදහස් පළ විණි.

167761999 6026576040716499 8081420534469711320 n

 

"මාර්තු 08 සිට අඛණ්ඩව හිඟුරක්ගොඩදී පැවැත්වෙන සත්‍යග්‍රහයට සහයෝගය පල කරන්න තමයි මේ උද්ඝෝෂණය සංවිධානය කලේ. කාන්තා අපි අතර සහයෝගය නංවාලමින් අරගලය ශක්තිමත් කරමින් ආණ්ඩුවට දැඩිව බලපෑම් කිරීමට අපි තීරණය කළෙමු. කාන්තාවන්ට නිසි ගෞරවය සහ පිළිගනිම තවමත් ලැබිලා නැහැ. ණය එකතු කරන නිලධාරීන් කාන්තාවන්ට හිරිහැර කරනවා. අපි ආණ්ඩුවට කියන්නේ ක්‍ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කර කාන්තාවන්ගේ ගෞරවය ස්ථාපිත කරන ලෙසයි. දැනට ශ්‍රී ලංකාව පුරා ලක්ෂ 28 ක්‍ෂුද්‍ර මුල්‍ය ණය උගුලේ සිරවී සිටිනවා. ගෙවීමට නොහැකි ණය නිසා මෙම කාන්තාවෝ පවුල් ආරවුල් වලට මුහුණ දෙමින් තිබෙනවා. ඔවුන් මානසිකව ඇදවැටී රෝගීවී සිටිනවා. අපි ගොඩක් කල් ඉඳලා මේ ක්‍රමයට විරුද්ධව සටන් කරමින් සිටිනවා. පෙර කරපු අරගල වල ප්‍රතිපල විදිහට අපි ණය 5018 අහෝසි කරගත්තා. අපිට ආණ්ඩුවට කියන්නේ සියලු ක්‍ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කරන ලෙසයි. ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතන වලින් ණය ලබා ගන්න එපා කියලයි අපි සියලුම සහෝදරියන්ට කියන්නේ."

Search