රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇතුළු පිරිසක් සහ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරී දේවානි ජයතිලක අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබී ය.
ඊයේ (30) දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති රැස්වීමේ දී මෙම සංවාදය ඇතිවුයේ මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම ප්‍රමාද වී තිබීම මුල් කරගනිමිනි.
මෙම ව්‍යාපෘතිය වසර දෙකක කාලයක් ප්‍රමාද වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පස් ඉවත් කිරීමේදී ඒවා කඩොලාන දුපතකට බැහැර කර ඇති බවත් මේ හේතුවෙන් පරිසර පද්ධතියකට විශාල විනාශයක් සිදුවෙමින් තිබෙන බවත් ය.
එසේම, වන අපරාධකරුවෙක් සිටිය දී ව්‍යාපෘතියට නිර්දේශ ලබාදිය නොහැකි බවත් වැරදිකරුවන් එක් පාර්ශවයක සිටියදී තමන් මතට පීඩනයක් එල්ල කිරීම නිවැරදි නොවන බවත් ඇය පෙන්වා දුන්නා ය.