පරිසර විනාශයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ඊයේ (23) පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේ විරෝධතාවක නිරත විය.
විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ අද වන විට පරිසරය දඩයම් කරන ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙන බව යි.
”අද කැලෑ ත්‍රස්තවාදය රජවෙලා. සිංහරාජය, හෝර්ටන්තැන්න, ආනවිලුන්දාව, නිල්ගල රක්ෂිතය යන හැම රක්ෂිතයක්ම මහා විනාශයකට ලක් වෙලා. මේ රටේ ජනතාවට හුස්ම ගැනීමේ අයිතිය තිබෙනවා. හුස්ම ගන්න ඔක්සිජන් තියෙන්න ඕනේ. ඔක්සිජන් නිපදවන්නේ අපේ වනාන්තර පද්ධතිය. මේක ප්‍රභාසංස්ලේෂණය හඳුනන් නැති ආණ්ඩුවක්.”