පියැසි කවුළුව ගැන කතාබහකට ඇරයුම්!

නොබෙල් සාහිත්‍ය සම්මානලාභී පෘතුගීසී ලේඛක ‍ජොසේ සරමාගෝ විසින් රචිත skylight කෘතියේ සිංහල පරිවර්තනය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කතා බහක් පැවැත්වීමට අද දින කටයුතු සූදානම් කර තිබේ.

එම කෘතිය ‘පියැසි කවුළුව’ ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ සුභාෂිණි චතුරිකා විසිනි.

ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා වලින් සිංහලට පරිවර්තන කාර්යයයේ යෙදෙන ඇය මේ වන විට එම භාෂා දෙකටම අයත් කෘති හතක් පමණ සිංහල‍ට පරිවර්තනය කර ඇත.

මෙය සරමාගෝ ගේ කෘතියක් සිංහලට පරිවර්තනය වුණු ප්‍රථම වතාව වන අතර කෘතියට පාදක වන්නේ තට්ටු නිවාසයක ජීවත් වන පවුල් හයක ජීවන අරගලය පිළිබඳ කතාවකි.

පියැසි කවුළුව කෘතිය පිළිබදව මාර්තු 24 බදාදා රාත්‍රී 9 ට සුම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන සාකච්ඡාවේදී ප්‍රධාන අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ ‍ලේඛිකා කත්‍යානා අමරසිංහ විසිනි.

"අහස පොත් " මුහුණු පොත හරහාද එම කතා බහ සජීවීව විකාශනය වේ.

එම මුහුණු පොත හරහා හෝ පහත දැක්වෙන යොමුව ඔස්සේ ඔබටත් එම සංවාදය සමග සම්බන්ධ විය හැකිය.

ZOOM ID - 8503155015

PASSCODE - chem123

161201577 3891166737588518 5970611549402650233 o

 

Search