පරිසරයට හානි කරන එකම පුද්ගලයා මමද? ජනපති අසයි

විලාසිතාවට පරිසරය ගැන කතා නොකර සෑම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නේ නම් පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (22) දින ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

“මම තමයි පරිසරයට අහිතකර එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි අපද්‍රව්‍ය ඔක්කෝම ගංගාවලට එකතු කරන්නේ. මම තමයි පහත්බිම් ගොඩකරන්නේ, මේ සියලුම දේ කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම පේන්නේ. පරිසරය ගැන කථා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර, හැමකෙනෙක් ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට හරිම පහසුයි.“

 

Search