චීන මහජන බැංකුව (PBoC) සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබෙනවා.
වසර තුනක කාල සීමාවක් සඳහා වලංගු මෙම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10ක් නැතහොත්, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.
දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශ්වයේ ම එකඟතාව මත වෙනත් අරමුණු සඳහාත් මෙම අරමුදල් භාවිත කිරීමට අවස්ථාව හිමිවේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මහ බැංකු දෙකෙහි අධිපතිවරුන් වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ චීන මහජන බැංකු අධිපති ආචාර්ය යී ගැන්ග් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.