ගම්පහ දිස්ත්‍රික්කයේ වන සංවේදී කලාප රැසක ජනතාව පදිංචි වී සිටින බවත් වන සංරක්ෂණය සඳහා එම ඉඩම් ජනතාවගෙන් නිදහස් කර ගතයුතු බවත් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක සඳහන් කිරීමත් සමඟ පසුගියදා (21) පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම අතරතුර උණුසුම් වාදයක් ඇතිවිය.
එම සංවේදී පරිසර කලාපයන් ජනතාවට පදිංචියට හෝ වගාවට ලබා දීමට දිසා වන නිලධාරිනීය එකඟ නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් දේශපාලකයන්ට ජනතාවගෙන් අපවාද නැගෙන බවයි.