බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්‍ෂි නෑ... (VIDEO)

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදුර්දීන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි හමුවී නැතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.

මාධ්‍ය ප්‍රශන කිරීම හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයක් ඇතැයි විමර්ශනවල දී හෙළි නොවුණු හෙයින් ඔහුට නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නෙමැති බවයි.

කෙසේ නමුත් ඔහු ඇප මත මුදා හැරියේ දේශපාලන බලපෑමක් නිසාද යන්න මාධ්‍යවේදින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඔහුගේ පිළිතර වූයේ එවැනි බලපෑමක් සිදු නෙවු බවයි.

Search