''අපි හදපු ආණ්ඩුවට රිෂාඩ්ව ගන්න ඉඩදෙන්නේ නැහැ ''– විමල් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ  සඳහන් කරයි.

රාජ්‍ය උත්සවවලට ඕනෑම විපක්ෂ මන්ත්‍රී වරයෙකුට පැමිණීමේ අයිතිය ඇති බවත් එහිදී සිදුවන සාකච්ඡාවන් සාමාන්‍ය සිදුවීම් බවත් ඔහු පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්දවයකට බදියුදීන් මන්ත‍්‍රීවරයා පැමිණ සිටීම ආණ්ඩුවට එක්වීමේ පෙරහුරුවක් ලෙස දැකීම නිවැරැදි නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා.. එකතුවෙන්න ආවොත් එලවනවා’ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය. උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු එවැනි ආවේගශීලි ප්‍රකාශයක් සිදුකළේ, 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සමීපතම දේශපාලන හිතවකු බවට සැලකෙන සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එක්කර ගනිමින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකු උත්සහකරමින් සිටින බවට රාවයක් දේශපාලන ක්ෂේත්‍රය පුරා පැතිරයමින් තිබියදීය. 

 

Search