ණය ශ්‍රේණිගත කිරීමෙන් පහත හෙලූ නිසා භාණ්ඩාගාර බිල්පත් 97% ක් විකුණගන්න බැරිවෙයි

 

මූඩි‘ස් ආයතනය ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ස්ථාන දෙකක් පහතට දැමීමෙන් පසුව පැවති පළමු භාණ්ඩාගාර බිල්පත් 97% ක් අලෙවි කර ගැනීමට මහ බැංකුවට හැකි නොවූ

බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

2020 සැප්තෑම්බර් 29 වන දා, රු. බිලියන 40 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබූ නමුත් ගැණුම්කරුවන් විසින් මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 895 ක් භාණ්ඩාගාර බිල්පත් පමණක් යැයි ද කීර්ති තෙන්නකෝන් පැවසීය.

මූඩි‘ස් ආයතනය සහ ෆිච් රේටින්ග්ස් ආයතන ලංකාව ණය අවදානම වැඩිම රාජ්‍යයන් අතරට ස්ථාන දෙකකින් පහත දැමීම වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ තත්වයක් බව තෙන්නකෝන් පවසයි.

‘‘අධික වශයෙන් ණය ලබා ගෙන එලදායී නොවන ආයෝජන සිදු කිරීම තුලින් රට දැවැන්ත ණය අර්බුදයක් කරා ගමන් කරමින් සිටී‘‘ බදු ආදායම් එක් රැස් කර ගත නොහැකිවීම, බීටීටී සහන ලබාදීම, සුරාබදු ආදායම් පහත වැටීම, උපයන විට ගෙවීමේ සීමා වෙනස් කිරීම මගින් රටේ බදු ආදායම් අහිමිවූ අතර, දේශීය හා විදේශීය ආයතනවලින් ණය ලබා ගැනීමට රජය පෙළෙඹී සිටී.

පසුගිය සතිය පුරා, මාස 3, 6 සහ 12 බැගින් වූ භාණ්ඩාගාර බිල්පත් මගින් දේශීය ණය ලබා ගැනීමේ උත්සාහය 97% කින් අසාර්ථක වී ඇත.

මාස තුනක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් රු. බිලියන තුනක් වෙළඳපොලට නිකුත් කර තිබූ අතර ඒ සඳහා කිසිදු ගැණුම්කරුවෙකු ඉදිරිපත් වී නැත. මාස 6 කින් කල් පිරෙන රු. බිලියන 16 ක් භාණ්ඩාගාර බිල්පත් වලින් අලෙවි වී ඇත්තේ රු. මිලියන 407 ක් පමණී. වසරකින් කල් පිරීම සඳහා තවත් රු. බිලියන 16 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවියට ඉදිරිපත් කොට තිබූ නමුත්, එයින අලෙවි වී ඇත්තේ රු. මිලියන 488 ක් පමණී.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්ගේ මුහුණු පොතෙනි

Search