ආනයනය නතර කිරීමෙන් වෙළඳ අරියාදුවක් ඇතිවෙලා : ණය බරත් නහයට උඩින්

 

2020 වසර අවසානය වනවිට මෙරට එක් පුරවැසියෙක් රුපියල් 37,000 කින් දරිද්‍ර වී ඇති

බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පවස යි.

එසේම, ආනයනය නවතා දැමීම හේතුවෙන් ඇමරිකාව, යුරෝපා සංගමයේ රටවල් සමඟ වෙළඳ අරියාදුවකට මග පාදා ගනිමින් සිටින බැවින් මෙය දේශපාලන අර්බුදයක් දක්වා දික්ගැස්සීමට ඉඩ ඇති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

"ලංකාවේ ආර්ථික සමෘද්ධිය ගැන ආණ්ඩුව පම්පොරි ගහනවා. 2019 අවසන් වෙනකොට ලංකාවේ සමස්ත ආර්ථකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 84 යි. 2020 අවසන් වෙනකොට ලංකාවේ සමස්ත ආර්ථකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 78 ක් දක්වා අඩුවෙනවා" යැයි ද ඇය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

"2019 වසරේ, ලංකාවේ ඒක පුද්ගල ආදායම, ඇමරිකානු ඩොලර් 3800 යි. 2020 දී එය ඩොලර් 3600 දක්වා, ඩොලර් 200කින් පහත වැටෙනවා. එක පුද්ගලයෙක් ඩොලර් 200 කින් දුප්පත් වෙනවා. අද ඩොලර් එක රු. 185 යි. 185 ගානේ, ඩොලර් 200 න් වැඩි කරාම රුපියල් 37,000 යි. රටේ එක් පුරවැසියෙක්, මේ අවුරුද්ද අන්තිමට රු. 37,000 කින් දුප්පත් වේ."

ජාත්‍යන්තර ණය වර්ගීකරණය පිළිබඳ MOODY`S ආයතනය ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව B 2 සිට Caa 1 දක්වා පහත හෙළා ඇති අතර ඒ අනුව දැන් අප සිටින්නේ මොසැම්බික්, කියුබාව, බෙලීස්, බාබඩෝස්, වෙනිසියුලාව වැනි රටවල් හා සම මට්ටමේ බවත් රට තවත් බංකොලොත් වෙමින් තිබෙන බවත් මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙයි.

"මෝඩී‘ස් ආයතනය කියන්නේ වසර 111 ක් පැරණි, ලොව පිළිගත් ජාත්‍යන්තර බැඳුම්කර ශ්‍රේණිගත කිරිමේ ආයතනයක්. රටේ ආර්ථික තත්වය, ප්‍රතිපත්ති හා දේශපාලන කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඔවුන් ණය අවදානම ගැන පූර්වකතනය කරන්නේ. මීට කලින්, ලංකාව FITCH RATING ආයනය විසින් පහළ ශ්‍රේණියකට ඇදළා දැම්මා. එයින් රටේ ආර්ථික බිඳවැටෙමින් තිබෙන බවට පැහැදිලි අනතුරු ඇඟවීමක් ලෝකයට ලැබුණා."

"ලංකාවේ ණය ප්‍රමාණය දළ ජාතික නිශ්පාදිතයේ මට්ටමට ලඟ වෙලා තියෙනවා. අය වැය හිඟය 8% ඉක්මවීමට ආසන්න වෙළා තියෙනවා. රට තුල උද්ධමනය පැහැදිලිව පේනවා."

"ඉදිරි වසර 5 තුල ලංකාව ණය හා ණය වාරික විදිහට ඩොලර් බිලියන 4 ක් ගෙවිය යුතුයි. ලබන මාසයේ භාණ්ඩාගාරය sovereign bond ඇමරිකානු ඩොලර් බිලියනයක් පියවිය යුතුයි. නව තත්වය යටතේ කිසිවෙකුත් ලංකාවට ණය ආධාර ලබාදීමට ඉදිරිපත් වෙන්නේ නෑ. එයින් රටේ ආර්ථිකය තවදුරටත් ප්‍රපාතයට ඇඳ වැටෙනවා."

"ආනයන නතර කිරීම නිසා රටට දිගු කාලීන ගැටළු මතුවිය හැකියි. අපි ඇමරිකාව, යුරෝපා සංගමය, එංගලන්තය කියන මෙරට අපනයන ආදායමෙන් 65% කට වැඩි පංගුවක් සම්පාදනය කරන රටවල් සමඟ වෙළෙඳ අරියාදුවක් ඇති කර ගනිමින් සිටිනවා. මෙය දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වෙන්නට පුළුවන්"

 

Search