සුරක්ෂිත දරු පරපුරක් සහ නිරෝගී වැඩිහිටි පරපුරක් වෙනුවෙන් කැපවෙමු - සජිත් ප්‍රේමදාස
වඩාත් සුරක්ෂිත සහ පවිත්‍ර ළමා පරපුරක් මෙන්ම නිරෝගී වැඩිහිටි පරපුරක් වෙනුවෙන් තිරසාර අදිටනක් ඇතිකර ගැනීමට සියලු දෙනාටම ආරාධනා කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවස යි.
අදට (01) දී තිබෙන ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකයා මේ බව ප්‍රකාශ කර ඇත.
එම පණිවිඩය මෙසේය,
"ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන අතිශයින් සතුටට පත් වෙමි. විශේෂයෙන්ම
ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස ලෝකයම පිළිගනී.
කෙසේ වෙතත් අන් කවරදාකටත් වඩා වර්තමානයේ දී දරුවන් අභියෝග රැසකට මුහුණ දී සිටී.සෑම දිනයකම ලෝකයේ මුලු ළමුන්‍ගෙන් 16,000 ක් කුමන හෝ හේතුවක් නිසා මරණයට පත් වන බවත්,ලෝකය පුරා සිදුවන වයස අවුරුදු පහට අඩු මරණ වලින් 50%ක්ම සිදුවන්නේ මන්දපෝෂණය නිසා බවත් සංගණන වාර්තා වලින් හෙළිවේ.
අනෙක් අතට ළමා හිංසනය,ළමා විවාහ සහ ළමා මෙහෙකාර සේවය බරපතල උවදුරක් බවට පත්ව තිබේ.අති ධාවනකාරී ලෝකයක් තුළ ළමා පරපුර දැඩි ව්‍යාකූලත්වයට පත්ව ඇති අතර එක්සත් ජාතීන්‍ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්තීන් බලගන්වා කටයුතු කිරීමෙහි අවශ්‍යතාව ඉතා දැඩිලෙස පවතී.
ළමා දිනය මෙන්ම අද ලෝක වැඩිහිටි දිනයද යෙදී තිබේ.
වැඩිහිටියන්ට සැලකීම කෙතරම් උතුම් ක‍්‍රියාවක් ද යන්න බුදුන් වහන්සේ පවා දේශනා කර ඇත. කෙසේ වෙතත් එවන් ශ‍්‍රී ලංකාවේ දැනට වැඩිහිටියන් සඳහා නිවාස 300ට වඩා ක්‍රියාත්මක වේ.
මෙවන් පසුබිමක් තුල වැඩිහිටියන් පිළිබඳව ද අලුතෙන් කල්පනා කරන්නට කාලය එළැබ තිබේ.
වඩාත් සුරක්ෂිත ,පවිත්‍ර ළමා පරපුරක් මෙන්ම නිරෝගී වැඩිහිටි පරපුරක් වෙනුවෙන් තිරසාර අදිටනක් ඇතිකර ගනිමු යැයි ආරාධනා කරමු."
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක