මංගලගේ කුප්‍රකට කුරුඳු පොලු නඩුව අවසන් - සියල්ලෝ නිදොස් කොට නිදහස්
එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වු කුරුඳු පොලු ගැටුමට අදාළ නඩුව දෙපාර්ශ්වයේම එකඟතාවය මත සමථයකට පත් කර තිබෙනවා.
මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (30) නඩුව විභාගයට ගැනුණු අතර එහිදී දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණි බවත් නඩුවට අදාළ සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ නීතිඥවරයා වන නිශ්ශංක නානායක්කාර මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ය.