මූඩ්ස් වාර්තාව නිසා විදේශ ආයෝජකයින් ලංකාව එන්නැති වෙයි - ව්‍යාපාරික නිමල් පෙරේරා

මූඩ්ස් වාර්තාව නිසා විදේශ ආයෝජකයින් ලංකාව එන්නැති වෙයි - ව්‍යාපාරික නිමල් පෙරේරා

 

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'මූඩීස්' ශ්‍රේණිගත කිරීම් ආයතනය (Moody Investors Service) විසින් ශ්‍රී ලංකාවේ ස්වකීය ණය ශ්‍රේණිය එවකට පැවති B 2 (ඉහල ණය අවදානම් අනුපාතය) සිට Caa1 (ඉතා ඉහල ණය අවදානම් අනුපාතය) දක්වා පහත හෙළා තිබීම

නිසා මෙරටට විදේශ අයෝජකයන් ආකර්ශණය කරගැනීම ඉතා අපහසු වනු ඇතැයි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නිමල් පෙරේරා පවස යි.

ශ්‍රී ලංකාව මෙසේ ශ්‍රේණිගත කිරීම්වලින් පහතට දමා තිබුණේ ඉකුත් 28 වැනිදා ය.

ඒ අනුව දැනට මතුව ඇති අවදානම පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් ව්‍යාපාරික නිමල් පෙරේරා සඳහන් කරන්නේ ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සම්බන්ධ වීම එකම විකල්පය බව යි.

එම ට්විටර් පණිවිඩය මෙසේය,

''මූඩීස් ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම B2 ශ්‍රේණියේ සිට Caa1 ශ්‍රේණිය දක්වා පහත හෙලා තිබෙනවා. ශ්‍රේණිගත කිරීමේ මට්ටමින් දැන් අපි සමවන්නේ ඉරාකය, කොංගෝව සහ බෙලීස් යන රටවලට ය.එකම විකල්පය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMP) හා සම්බන්ධ වීමයි. එසේ නොමැතිවුවහොත්
විදේශීය ආයෝජකයින් ගෙන්වා ගැනීම ඉතා අපහසු වනු ඇත. අනික් අතට, පූර්ණ ආනයන තහනමක් වළක්වා ගැනීමට නොහැකිවේවි."

 

fgdgd

 

මූඩ්ස් වාර්තාව මෙතනින්

Search