මර්දනයෙන් රට පාලනය කරන්න ඒකාධිපති ව්‍යවස්ථාවක් ගේන්න හදනවා - නාමල් රාජපක්ෂ

මර්දනයෙන් රට පාලනය කරන්න ඒකාධිපති ව්‍යවස්ථාවක් ගේන්න හදනවා - නාමල් රාජපක්ෂ

මර්දනයෙන් රට පාලනය කරන්න ඒකාධිපති ව්‍යවස්ථාවක් ගේන්න හදනවා - නීතිඥ නාමල් රාජපක්ෂ

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට කිරීමට නොහැකිව ආසාර්ථක වූ බැවින් මර්දනයෙන් රට පාලනය කිරීම සඳහා ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙන ඒමට සුදානම් වන බව නීතිඥ නාමල් රාජපක්ෂ පවස යි.

අධිකරණ ක්‍රියාවලිය විනාස කෙරෙන එවැනි ව්‍යවස්ථාවක් ගෙනඒමට උල්පන්දම් දී ද්‍රෝහියෙක් නොවන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිට දැනුම් දෙන බවයි ජනතා නීතිඥයෝ සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් ඔහු කියා සිටියේ.

"හිට්ලර් ජන සම්මතවාදයෙන් බලයට ඇවිල්ලා පස්සේ සියලුම ව්‍යවස්ථාදායක විධායක බලතල අරගෙන ඒ පිස්සා මුළු ලෝකෙම විනාස කළා. අපේ ලංකාවේ විධායක ජනාධිපතිවරු අතරින් විධායක ජනාධිපති ධුරය දරන්න සුදුසු නැති පුද්ගලයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ."

"වැඩ බැරි මිනිහෙක්ට අසාර්ථක වෙනකොට තමයි මර්දනය ඕන. මර්දනය වෙනුවෙනුයි මේ ව්‍යවස්ථාව ගේන්නේ. අලි සබ්රි ඔතන ඉන්නේ නීතිඥයෙක් හින්දා. නීතිඥයෙක් වෙලා ඇමතිකම් අරගෙන අධිකරණය විනාස කරන්න දෙන්න බැහැ. අධිකරණය විනාස කළ පුද්ගලයෙක් හැටියට දවසක අලි සබ්රි හඳුන්වාවී. ඉතිහාසේ යම් යම් කාල වල දේශප්‍රේමින් කාලෙක දේශද්‍රෝහීන් බවට පත්වෙනවා. මහින්ද රාජපක්ෂවරුන්ගේ කටු කන නීතිඥවරු නෙවෙයි මෙතන ඉන්නේ. ඒ නිසා අපි කරුණාවෙන් කරන්න අලි සබ්රි මහත්තයෝ අධිකරණය විනාස කරන්න විතරක් ලැස්ති වෙන්න එපා."

"මගේ වචන තමයි සර්කියුලර් කියලා කියනවා. එහෙම මිනිහෙකුට මේක නැතුව 20 ආවට පස්සේ දැන් මේ ගොල්ලෝ කියනවා මාස 6කට තමයි අපි මේ ව්‍යවස්ථාවක් ගෙන්න යන්නේ කියලා. බැසිල් රාජපක්ෂ කියලා තියෙනවා ලංකාව දියුණු කරන්න නම් චිනේ වගේ පාලන ක්‍රමයක් ඕන කියලා . මාස 6 කින් එන ව්‍යවස්ථාව ඇවිල්ල ලංකාව අනිවාර්යයෙන්ම චිනේ වගේ එකපාර්ෂවික අධිකාරීවාදී පාලන ක්‍රමයකට ගෙනියන ව්‍යවස්ථාවක්. උසාවිය බය කරලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසුරවනවා කියලා බය කරල, පාර්ලිමේන්තුව හිරකරලා ඔක්කොම කොමිසන් සභා තමන්ගේ අතර අරගෙන කරන්න හදන ඊළඟ ව්‍යවස්ථාව මිට වඩා හපන් වෙනවා. ඒ නිසා ඒ ව්‍යවස්ථාව පරදවන්න අපි ලැස්ති වෙනවා."

"JR එක්ක බලද්දී ගෝඨාභය අපිට මී පැටියෙක්. අවුරුදු 6 ක් යනකොට ජේ.ආර්.ට මොකද වුනේ. එනිසා ඔය සෙල්ලම් දාන්න බැහැ මේ ලංකාවේ."

 

Search