අපි ලෑස්ති නෑ ඉන්දියාවේ පිළේ වාඩිවෙලා රජබෝජුන් කන්න :13ක් මොකට ද? - මැදගොඩ හිමි

අපි ලෑස්ති නෑ ඉන්දියාවේ පිළේ වාඩිවෙලා රජබෝජුන් කන්න :13ක් මොකට ද? - මැදගොඩ හිමි

 

"ඉන්දියානු මෘදු යටත් විජිතවාදයට යටත් නොවී සටන් කරලා ජිවිත පරිත්‍යාග කරන්න අපි ලෑස්තියි"

 

ඉන්දියාව කුමක් ප්‍රකාශ කළ ද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවූ පළාත් සභා ක්‍රමය නැවත ක්‍රියාත්මක නොකළ යුතු බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා විශාල පිටුබලයක් හිමිකරදුන් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවස යි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර පසුගියදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු හමුවක දී සාකච්ඡා වූ කරුණු පිළිබඳව සිය මතය දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

"ස්වභාවික මරණයකට පත්වෙලා තියෙන පළාත් සභා නැවත නැගිට්ටවිය නොයුතුයි. මෝදී තෑග්ගක් එක්ක එවලා තියෙනවා. ඩොලර් මිලියන 150කුත් දෙන්නම් 13ත් ක්‍රියාත්මක කරන්න අපි ඒක බලාගෙන ඉන්නවා කියලා."

"ඒ නිසා ඩොලර් මිලියන 150ට බොහොම ස්තුතියි. මෝදී මහත්තයා හැබැයි ඒ වුනාට 13 ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාට මොන අයිතියක් ද තියෙන්නේ ලංකාවට කියන්න. ඒ ඉන්දියානු මෘදු යටත් විජිතවාදයට යටත් නොවී සටන් කරලා ජිවිත පරිත්‍යාග කරන්න අපි ලෑස්තියි . ඒත් අපි ලැස්ති නැහැ ඉන්දියාවේ පිළේ වාඩිවෙලා රජබෝජුන් කන්න."

Search