නේපාලයේ නව අගමැති වැඩ අරඹයි

නේපාලයේ නව අගමැති වැඩ අරඹයි

පසුගිය වසරේ ඇති වූ මාරාන්තික විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නේපාලයේ හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ දූෂණයට එරෙහිව හටගත් ජනතා නැගිටීමෙන් පසු බලයට පත් වූ රැප් ගායකයෙකුව සිට පසුව දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂාගේ නව රජය දිවුරුම් දීමෙන් පසු දිනයේදී වීම විශේෂත්වයක්.

විරෝධතාකරුවන් 77 දෙනෙකුට දිවි අහිමි වූ එම ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කොමිසමක් මගින් මොවුන්ට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබුනා.

නීතියට වඩා ඉහළින් කිසිවෙකු නොසිටින බව පවසමින් නව රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, මෙය රටේ සාධාරණත්වය ඉටුකිරීමේ ආරම්භයක් බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

හිටපු අගමැතිවරයා තමාට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණද, මෙම සිදුවීම නේපාල දේශපාලනයේ දැවැන්ත වෙනසක ලකුණක් ලෙස සැලකෙනවා.

Search